සක්වල උපත ගැන ලිපියේ එන විදිහට, අපේ පෘථිවියත් අපේ සූර්යයාත් ඉපදුනේ එකම කලාපයක නිසා, පෘථිවිය ඉපදුනු කාලයේ දී  පෘථිවියත සූර්යයා තරම්ම උනුසුම්. ඉතින් තාප ශක්තිය මුදා හැරල සිසිල් වෙන්න පෘථිවියට වසර කෝටි ගණනක් ගතවුනා. පෘථිවිය උනුසුම් කාලයේ දී මහපොලොව මත ජලය රැඳුනෙ නැහැ. උනුසුම වැඩි නිසා ජලය තිබුනෙ වාෂ්ප තත්වයෙන්. කාලයාගේ ඇවෑමයෙන් පෘථිවිය සිසිල් වුනු  කාලෙකදි වැස්ස ඇතිවුනා. ඒනිසා ගංගා ඇල දොල ඇති උනා. මේ ගංගා ගලා ගිහින් ම්හ ම්හුදු, මහ සාගර ඇති කලා. මිරිදිය කරදිය වෙන්නත් කාලයක් ගතවුනා.

මහ පොලොවෙන් දූවිලි අංශු ඉහල අහසට ගසාගෙන ගිය නිසා අකුනු ඇතිවුනා. අකුනු ඇතිවීම නිසා නයිට්‍රිජන්  හයිඩ්‍රජන් ඔක්සිජන් කියන වායු වර්ග තුන මිශ්‍ර වෙලා නයිට්‍රික් අම්ලය  බවට පත්වෙලා පොලොවට වැටුනා. මේ නයිට්‍රික් අම්ලය කරදියේ අඩංගු සංයෝග සමග එකතු වෙලාඇමයිනෝ අම්ලය නම් අම්ලය බවට පත්වුනා. ඩී.එන්.ඒ. කියන විශේශ අණු වර්ගය සකස් කලා.

මහපොලොව මත ජීවය ඇතිවෙන්නට හේතු සාධක වුනු ප්‍රධානම දෙය තමයි ජලය. ජලය නැති තැනක අපි දන්න ආකාරයේ ජීවයක් ඇතිවෙන්නෙ නැහැ. සාමාන්‍ය ජන වහරෙදි ආපෝ නමින් හඳුන්වන්නෙ ජලය. ඇත්තටම ජලය කියන්නෙ, ඔක්සිජන් වායුවෙත් හයිඩ්‍රජන් වායුවෙත් එකතුවට. ඒ අනුව ජලය කියන්නෙත් වායුවක්. ඒත් මේ වායු අනු අතරෙ පුදුමාකාර හේතුවක් නිර්මාණය වෙලා තියෙනව. ඒ කියන්නෙ, මේ වායුවට අයිති අනු අතරෙ, හයිඩ්‍රජන් බනධන කියල විශේශ බනධන වර්ගයක් තිබෙනව. මේ කියන හයිඩ්‍රජන් බන්ධන නිසා වායු අනු එකින් එක බැඳිල ජලය කියන තරලය හැදෙනව. මේ ජලය තමයි අපේ ජීවිතය.

ඩී.එන්.ඒ. අනුව කියන්නෙ විශේශ හැඩයක් තිබෙන අනුවක්. ඒ අනුවට විශේශ හැඩය ලබාදෙන්නත් හයිඩ්‍රජන් බන්ධනය උපකාර වෙනව. ඉතින් හයිඩ්‍රජන් බන්ධනය කියන්නෙත් මහපොලොව මත ජීවය උපද්දන්න උපකාරවුනු අතිවිශේශ ආපෝ බලයක්.

අදට අවුරුදු කෝටි සීයක් තරම් ඈත කාලෙකදි පෘථිවිය සිසිල් වෙමින් පවතින අතර්තුරේදි, වැසි වැටුන, ගංගා මුහුදු ඇතිවුනා වගේ පරිසර වෙනස්කම් බොහොමයක් සිදුවුනා. මේ කාලෙ වෙද්දි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වගේ වායු වර්ග බහුලව තිබුනත් ඔක්සිජන් වායුව තිබුනේ නැතිතරම්. අපට නුහුරු මෙවැනි පරිසරයක තමයි මුලින්ම ජීවය ඇතිවුනේ. ජීවය ඇතිවුන කාල්යේ පැවතුනු , අදට වඩා වැඩි උෂ්ණත්වයත් ජීවයේ ඇතිවීමට උපකාරවුනා. මේ උනුසුම් කාලයේදි මුහුදු අවට ගල් මතට වැටුනු කරදිය බිංදු වාෂ්පීකරණය වෙමින් සාන්ද්‍ර ද්‍රාවන බවට පත්වුනා. ඉති මේ සාන්ද්‍ර ද්‍රාවන තුළ තිබුනු ඩී.එන්.ඒ. අනු එකට එකතුවෙලා විශේශ, විශාල අනුරටා සකස් උනා. මේ අනුරටා නැවත මුහුදට ගසාගෙන ගියත් වෙන් නොවී එකම පලසක් වගේ මුහුදු දිය මත පාවුනා.

මෙහෙම පාවෙන ඩී.එන්.ඒ.අනු පලස තුළ විවිධ ආකාරයේ අනුරටා සකස් වෙලා තිබුනා. මේ අනු පලස හිරු එළියට, උනුසුමට, සුළඟට, ජලයට මුහුනදෙමින් විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් පැවතුනා. මේ අනුරටා අතර මහා පුදුමාකාර අනු රටා සකස්වුනා. මේ වගේ විශේශ රටා කවුරුහරි හිතල බලල සකස් කරනව නෙවෙයි. මුලින් කිව් අනු පලස තුළ සකස් වන්නට ඉඩ ඇති සෑම ආකාරයටම  අනුරටා සකස් වෙනව. ඒ අතරින් වඩා ශක්තිමත් රටා ඉතිරි වෙනව වගේම දුර්වල රටා විනාශ වෙලා යනව.

අදට අවුරුදු කෝටි සීයක් තරම් ඈත කාලෙකදි පෘථිවිය සිසිල් වෙමින් පවතින අතර්තුරේදි, වැසි වැටුන, ගංගා මුහුදු ඇතිවුනා වගේ පරිසර වෙනස්කම් බොහොමයක් සිදුවුනා. මේ කාලෙ වෙද්දි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වගේ වායු වර්ග බහුලව තිබුනත් ඔක්සිජන් වායුව තිබුනේ ඉතාම අඩුවෙන්. අපට නුහුරු මෙවැනි පරිසරයක තමයි මුලින්ම ජීවය ඇතිවුනේ.

මේ අති සුවිශේශී අනු රටාව විද්‍යුත් පරිපථයක් වගෙයි. රසායනික විදුලියට ගමන් කරන්නට හැකි ගමන් මාර්ගයක් ඒ අනු අතරින් සකස්වෙලා තිබුනා.

 කලින් කියපු විදිහට විදුලි ධාරාවක් ගමන් කරන්නට හැකි පරිපථය තිබෙන අනු රටාව තුලින් පළමු වතාවට විදුලියක් ගලාගෙන ගියා. ඒ අවස්ථාවෙදි තමයි අර අනු රටාව ජීවියෙක් බවට පත්වුනේ. එලෙස ගලාගෙන ගියේ රසායනික විදුලියක්.විදුලිය ගලන්නට ශක්තිය දුන්නේ ශුද්ධාෂ්ඨක ශක්තිය.

මෙ විදිහට ශුද්ධාෂ්ඨක ශක්තියට අනු තුළට ඇතුල්වෙන්නට අවසර දෙන හේතුවක් ඒ අනු තුළ තිබුනා. ඒ හේතුව තමයි අවිද්‍යාව .

අවිද්‍යාව නිසා, අනු තුළට ඇතුල්වන්නට ශුද්ධාෂ්ඨකයට අවසර ලැබුනා. ඒ තමයි සංඛාරය. ඒ සංඛාරය  නිසා විඥාණය ඉපදුනා. ඒ විඥානය නිසා ජීවය ඇතිවුනා. 

අපි මේ කතාව තවදුරටත් ගැඹුරට විමාසා බලමු. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදාන ස්ඛන්ධ ඇතිවීමෙන් සිත සකස් වෙනව. ඉතින්, පළමුවෙනි සිත සකස් වීමෙදි රූපය වෙන්නෙ ආපෝ වායෝ තේජෝ පඨවි යන භූතයන් ගෙන් සකස් වුනු ශුද්ධාෂ්ඨකය. වේදනාව වෙන්නෙ ඒ ශුද්ධාෂ්ඨකය ඇවිත් අනුක පරිපථයේ ගැටීම. ඒ ගැටීම නිසා රසායනික විදුලියක් ඇතිවෙනව, ඒක තමයි සංඥාව.  අවිද්‍යාව පිරුණු පරිපථය තුළින් සංඥා ගැලීම නිසා යම්කිසි සකස් වීමක් සිද්ධ වෙනව,

ඒ සකස් වීම තමයි සංඛාරය. සංඛාරය නිසා ශුද්ධ ශක්තිය විපරීත වීමෙන් විඥානය හටගන්නව. ඒක තමයි සත්වයන්ගෙ ස්වභාවය.

මේ විදිහට හටගත්ත විඥාණයට තමයි චිත්තය කියන්නෙත්, සිත කියන්නෙත්. සිත සකස් වෙන්න උපකාර වන ගුණ සතක් එහෙම නැත්නම් පියවර සතක් තිබෙනව. ඒවාට කියන්නෙ චෛතසික කියල. මූලිකවම චෛතසික 7ක් සහ අනු කොටස් 45ක් තිබෙනව. ඒ අනුව චෛතසික 52ක් තිබෙනව.

පළමු සිත ඇතිවෙන්නට උපකාරවුනේ ප්‍රධාන චෛතසික සත. ඒවා තමයි “ඵස්ස”, “වේදනා”, “සංඥා”, “චේතනා” “මනසිකාර”, “ඒකග්ගතා”, “ජීවිතින්ද්‍රිය”

මුලින් තැනක කීව පංච උපාදාන ස්කන්ධ අතරෙ එන වේදනා, සංඥා, සංඛාර, විඥාණ සතරත්, පසුව කීව වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන චෛතසික සතරත් එකිනෙක සමපාත වන බව වටහා ගතයුතුව ඇත.

 පංච උපාදානයේ එන පියවර පහ සම්පූර්ණ් වීම නිසා , උපාදානය සිදුවෙනව. ඒ අනුව කර්මය සකස් වෙනව. කර්මය නිසා කර්මජ රූප සකස් වෙනව. මුළින්ම ජීවිත රූපය, දෙවනුව හෘදය රූපය, ඊළඟට ඉන්ද්‍රිය  රූප .

(චෛතසික ගැන කියද්දි ජීවිතින්ද්‍රිය චෛතසිකය ගැන කීව. මේ චෛතසිකය තමයි සියළු චෛත්සික එකට බැඳගෙන නියමිත ක්‍රියාවක යොදවන්නෙ. ඒ වගේම රූප ගැන කියද්දි ජීවිත රූපය (ජීවිතින්ද්‍රිය රූපය ) ගැනකීව. මේ රූපය තමයි සියළු රූප ඒකට බැඳගෙන නියමිත ක්‍රියාවල යොදවන්නෙ. මෙලෙස කියපු එකම නම ඇති චෛතසිකය සහ රූපය සමාන ක්‍රියා ඇති, එහෙත් වෙනස් ධර්මතා දෙකක්. පුනරුප්පත්තිය වටහා ගැනීමට නම්, මේ එකම නම ඇති ධර්මතා දෙකෙහි සමානතා සහ විසමතා හොඳින් වටහා ගැනීම අවශ්‍යයි.)

ඔන්න ඔහොම තමයි ජීවියා සකස් වෙන්නෙ. ජීවියා සකස් කරවන රූප වර්ග 28ක් තිබෙනව. එයින් 9ක්ම කර්මය අනුව සකස් වන රූප.  ඒ රූප අතර ජීවිත රූපය, හෘදය රූපය, ස්ත්‍රී භාව රූපය, පුරුශ භාව රූපය් සහ ඉන්ද්‍රිය රූප පහ තිබෙනව.

මේ රූප සකස් වෙන්නෙ කර්මය නිසා. මෙහි කර්මය කියන්නෙ චේතනාවට. මෙතැන්දි  චේතනාව කියන්නෙ යම් ක්‍රියාවක් කරන කැමැත්හ නෙවෙයි, ආශාව තරහව වැනි හැඟීමක මූලික ස්වභාවයට. වෙනත් විදිහකින් කියතොත් ගලා එන සංඥාව නිසා විඥාණයක් ඇතිවන ලෙස සකස් වීමට.

චේතනාව නිසා සංඥාව විපරීත වෙලා විඥාණය ඉපදෙනව.

චේතනාව නිසා ශුද්ධාෂ්ඨක සහිත සංඥාව විපරීත වෙලා ජීවිත රූපය සකස් වෙනව.

චේතනාව නිසා ජීවිත රූපය විපරීත වෙලා හෘදය රූපය සකස් වෙනව.

චේතනාව නිසා ජීවිත රූපය විපරීත වෙලා  ඉන්ද්‍රිය රූප පහ උපදිනව.

චේතනව නිසා ජීවිත රූපය විපරීත වෙලා භාව රූප උපදිනව.

ඉතින් දැන් වැටහෙනවා ඇති, කර්මය හෙවත් චේතානාව නිසා හැම දෙයම සකස් වනබව.

පරිසරයේ ඇතිවූ වෙනස්කම් නිසා ඇමයිනෝ අම්ලය ඇතිවී ඩී.එන්.ඒ. අණු සකස් වී ඒ අණු නිසා පරිපථ ආකාරයේ අණුරටා සකස්වූ බවත් ඒ අණුරටා තුළින් සංඛාරය ගමන් කර විඥාණය ඇතිවූ බවත් අපි දනිමු. විඥාණය ඇතිවීම පිනිස ජීවිතින්ද්‍රිය චෛතසිකය ඇතිවූ බවත්, විඥාණය ඇතිවූ වහාම ජීවිත රූපය සකස් වූ බවත් දනිමු.  ජීවිත රූපය සකස් වීමම ජීවය ඇතිවීම බවත් දනිමු.

ජීවිත රූපය යනු අනු සැකසුමක් නොවේ. එය මහා පුදුමාකාර සැකසුමකි. එය සෑම සිතක් පහලවීමක් සමගම වර්ධනය වේ. රූපයක ආයුෂ කුඩා චිත්තක්ෂණ 51ක් නිසා ජීවිත රූපයේ ආයුෂය ද  එපමණකි. එසේ වුනත් ජීවිත රූපය යනු රූප සමූහයක එකතුවක් නිසා එකක් මියයනවිට තව කීපයක් උපදිනු ඇත. එනිසා ජීවිත රූපයේ සන්තතිය නොබිඳී පවතී.

ජීවිත රූපය නොසිඳී පවතින නිසා අළුත් අළුත් සිත් පහලවීමද නොකඩවාම සිදුවේ.

චිත්තය නිසා කර්මය සකස්වීම සිදුවේ, කර්මය නිසා ජීවිත රූපය සකස්වීම සිදුවේ, ජීවිත රූපය නිසා චිත්තය සකස්වීම සිදුවේ. එම චිත්තයෙන් යලි කර්මයද එමකර්මයෙන් යලි ජීවිත රූපයද එයින් යලි චිත්තයද සකස්වන නිසා සංසාර චක්‍රය ඇතිවේ.

(මෙහි කියන චිත්තය හෝ ජීවිතින්ද්‍රිය රූපය අපගේ දැනුමට හසු නොවන නිසා, දන්නා කර්මය බිඳීමෙන්ම සසර චක්‍රය බිඳියහැකි වේ. කර්මය නිසා සකස්වන ජීවිත රූපය කර්මය අවසන් කිරීමෙන් අවසන් වේ. )

ජීවිත රූපය සකස්වූපසුව, ඊට මුල් වූ අනුරටාව වර්ධනය වීමට පටන්ගනී.  ජීවිතරූපයේ විකරණයන්ට අනුව අංගෝපාංග එකතු කරගනී. මෙලෙස සෛලය සකස්වේ.

කර්මය නිසා සකස්වන ජීවිත රූපය, කර්ම එක්තුවීමෙන් විශාල වේ.විශාල වූ ජීවිත රූපය හෘද රූපය වැනි අනුකොටස් නිර්මණය කරගනී. මෙලෙස විශාල වනවිට එක සෛලයක රැඳී සිටීමට ඉඩකඩ මදිවන නිසා තවතවත් සෛල නිර්මණය කරගෙන සෛල පොකුරක් තනාගනී.  සංවර්ධිත සහ සංවිධනත්මක සෛල පොකුරක් යනු සත්ත්වයෙකි.

කර්මය නිසා හටගන්නා කර්මජ රූප සත්ත්වයා නිර්මාණය කරයි.

චිත්තය නිසා හටගන්නා චිත්තජ රූප අංග චලන දක්වයි.

ආහාරය නිසා හටගන්නා ආහාරජ රූප ශරීරය වර්ධනය කරයි.

මෙලෙස සත්ත්වයා සකස් වීම, වර්ධනය වීම, පැවතීම, මියයාම සහ යළි ඉපදීම සිදුවේ.

පුනරුත්පත්තිය

මියගිය සත්ත්වයෙකු හෝ එම සත්ත්වයාගෙන් කොටසක් හෝ සත්ත්වයාට අයිතිව තිබූ යමක් හෝ යළි ඉපදීම පුනරුප්පත්තියයි.

මේ ලිපියෙන් කියවාගත් දැනුම වන්නේ අනුරටා වල ඇති ගුණ අනුව, අවිද්‍යාව ආදී චෛතසික සකස්වන බවත් ඒ සියළු චෛතසික ජීවිතින්ද්‍රිය චෛතසිකය තුළ ගොනුවී ඇතිබවත්, චෛතසික අනුව චිත්තය සකස්වන බවත්, චිත්තය සමග කර්මය සකස්වන බවත්, කර්මය අනුව ජීවිත රූපය සකස්වන බවත්ය.

ජීවිත රූපයද, ජීවිතින්ද්‍රිය චෛතසිකයද චිත්තය සකස්වීමට උපකාර වේ.

චිත්තය සකස්වීමට පියවර 17ක් ගෙවා දමයි. එය කිසිවිටක නොබිඳෙන විශ්ව නීතියකි. යම් චිත්තයක පියවර 17 සම්පූර්ණ වීමට පෙර ජීවිත රූපය මියගිය විට වෙනත් අළුත් ජීවිත රූපයක් මත චිත්තය සම්පූර්ණ වේ. එවිට එම ජීවිත රූපය මත චිත්ත පරම්පරාව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.  මෙය පුනරුප්පත්තිය නම් වේ.

මේ අනුව පුනරුත්පත්තියේදී චිත්ත සන්තතිය පමණක් අළුත් භවයට යයි.

ආත්මය

භවය ආරම්භවුනු මොහොතේ සිට චිත්ත ප්‍රවාහය සහ ජීවිත රූප ප්‍රවාහය නොකැඩී වෙන් නොවී සෑම මොහොතකම එක්වම සිටී. භවය අවසන් වන මොහොතේදී ජීවිත රූපය මිය යන නමුත් චිත්ත ප්‍රවාහය නොසිඳී ඉදිරියට යයි. ජීවිත රූපය මියගිය චිත්තක්ෂණයට පසුව එන ක්ෂණයේදීම චිත්තප්‍රවාහය වෙනත් ජීවිතරූපයක සක්‍රිය වේ. ඒ අනුව ජීවිත රූපය සහ චිත්ත ප්‍රවාහය වෙන්ව සිටින එක චිත්තක්ෂණයක් හෝ දැකිය නොහැක. මේ නිසා ජීවිත රූපය ආත්මය ලෙස සලකන මතවාද ඇත.

එය වැරදි බව දැන් ඔබට වැටහෙනු ඇත.

ආත්ම සංඝටකය නමින් කිසිදා නොබිඳෙන දෙයක් ඇති බවත්, එය භවයෙන් භවයට යන බවත් තවත් මතයකි.

ජීවිත රූපය තරංග ආකාරයේ ප්‍රවාහයක් බවත්, චිත්තයද එවැනිම ප්‍රවාහයක් බවත් දැන් ඔබ දනී. තරංග ආකාරයේ ප්‍රවාහ සෑම ක්ෂණයකම වෙනස් වේ. නොවෙනස්වන කිසිවක් මුළු විශ්වයේම නැත.

මනෝකාය යනු ආත්මය බව සලකන මතවාද ද ඇත.

මනෝකාය වන්නේ ජීවිත රූපයයි. එය ආත්මය නොවේ. පෙර භවය කියන දරුවන්ගේ කතා තුළ ඇත්තේ, ආයුෂය නිමවීමට පෙර අහඹුලෙස තම ශරීරය විනාශ වූවන්, තමාට ඉතිරි ආයුශ ගෙවාදැමීමට නව ශරීරයකට පැමිණි අවස්ථාවයි.

පෙර භවයක සිට පසු භවයට යන්නේ චිත්ත ධරාව පමණි. චිත්තය සමඟ සෑමවිටම චෛතසික ද බැඳී සිටී. එනිසා චෛතසිකද මතු භවයට යයි. කර්මය හෙවත් චේතනා චෛතසිකයද, ජීවිතින්ද්‍රිය චෛතසිකයද පෙර විස්තර ඉදිරියට ගෙන යාමට දායක වේ.

පරිනාමය

පෙරසිටි සත්වයාට වඩා වෙනස් සත්වයෙකු එම පරම්පරාවේ ම පහලවීම පරිනාමය නම් වේ.

ඩී.එන්.ඒ. අනු නිසා සත්ව සෛල හටගත් බවද, ශුද්ධාෂ්ඨකය නිසා චිත්තය සකස් වූ බවද, චිත්තය නිසා කර්මය සකස් වූ බවද, කර්මානුරූපව ජීවිත රූපය සකස් වූ බවද දැන් ඔබ දන්නා කරුණුය.

කර්මය නිසා සකස් වන ජීවිත රූපය චිත්තක්ෂණ 51කින් පසු අවසන් වේ. එසේ මියගිය රූපයේ තේජෝ ගුණය ස්ථායී වීම නිසා ශුද්ධාෂ්ඨකයෙන් තැනුනු සෘතුජ රූපයක් ලෙස තැනෙමින් බිඳෙමින් බොහෝ කාලයක් පවතී. මෙලෙස සකස් වන සෘතුජ රූප නිසා ඩී.එන්.ඒ අනුව විකරණයට පත්වේ. සත්ත්වයා යම් පරිසර තත්වයකට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණපෑමෙන් ජීවිත රූපයට බලපෑම් ඇතිවීම නිසා ඊට අනුරූපව ඩී.එන්.ඒ අනුවද වෙනස් වේ. එවිට අනුප්‍රාප්තිකයා  වෙනස් මුහුණුවරක් ගනී.

පළමු ජීවියාට මුලින් තිබුනේ ජීවිත රූපය පමණි. එම ජීවියා සූර්යාලෝකයට මුහුණපෑම නිසා ඊට අණුරූප ලෙස ජීවිත රූපය වෙනස් වී චක්ඛු රූපය ඇතිවිය. එනම් ඇස් ඇතිවිය.

මව් සෛලයට නොතිබූ ඇස් දූහිතෲ සෛලයට ඇතිනොවේ. පළමු සෛලය ආලෝක්යේ ගැටුනුවිට එම ජීවිත රූපයේ වෙනස්කම් සිඩුවේ. එම ජීවිත රූපය ස්ථායීවී සකස්වන සෘතුජ රූප වලද වෙනස ඇතිවේ. මෙම සිද්ධිය සෛලයට හිමි ජීවිත කාලය පුරාවටම සිදුවේ. ඒ අනුව සෛලයෙහි ඇති ඩී.එන්.ඒ. අනු වලද වෙනස ඇතිවේ. දැන් වෙනස සහිත දූහිතෲ සෛල ඇතිවේ.

යම් මාතෲ සෛලයක සිටියාවූ, මෙම වෙනස සටහන් වූ, ජීවිතින්ද්‍රිය චෛතසිකය සහිත චිත්ත ධාරාවක්, මුලින් කී වෙනස සහිත දූහිතෲ සෛලයකට පිවිසි කල වර්ධනය ඉක්මන්වේ. නැතිනම් බාල වේ. දූහිතෲ සෛල පරම්පරා ගණනාවක් ගිය පසු වර්ධනයවූ ඉන්ද්‍රියක් ඇතිවේ.

මේ ලෙසට ජීවිත රූපයද, ජීවිතින්ද්‍රිය චෛතසිකයද, චිත්ත පරම්පරාවද, ඩී.එන්.ඒ. අනු පරම්පරාවද සහයෝගයෙන්, අවට පරිසරයට අනුරූපව සත්ත්වයාගේ සංවර්ධනය සෑම කාලයේම සිදුවේ.

පසුවදන

මෙමෙ ලිපිය කියවීමෙන්, අනිත්‍ය බවද අනාත්ම බවද මැවුම් කාරයෙකු නැති බවද වටහා ගැනීමට කීපවරක් හෝ කියවන්න.