අපි කාගෙත් උවමනාව, උත්සාහය කැමැත්ත වෙන්න සුව විඳීම. මිහිර විඳීම, රස විඳීම කියන වචන වලින් අදහස් වෙන්නෙත් ඒකමයි. එහම උනත්, රස විඳීම, මිහිර විඳීම කියන වචන වලින් සමහරවිට අදහස් කරන්නෙ ඇස කණ වැනි ඉන්ද්‍රියයන්ගෙන් ලබන සංවේදනයට, සහ සුවය කියන්නෙ මනසින් විඳින අවස්ථාවකට.

පංච ඉන්ද්‍රියෙන් වේවා මනසින් වේවා තමන්ට පහසුවක් දැනෙන අවස්ථාව සුව විඳීමක් ලෙස කිවහැකියි.

මාද්‍යයන් බොහෝ බලවත් මේ කාලයේ විවිධ ආහාරපාන වර්ග, සුවඳ විලවුන් වර්ග, සුවපහසු නිවාස, ගෘහභාණ්ඩ, යාන වාහන, මිහිරි ගීත, විවිධ සුන්දර දර්ශන, සිනමා නිර්මාණ ආදිය අතොරක් නැතිව පෙන්වමින් ප්‍රචාරය කරමින් ඒවායේ මිහිර විඳගැනීමට අපිට ඇරයුම් කරණව, අපිව පොළඹවනව. මේ දේවල් වල මිහිර ලබන්න අවශ්‍ය මූල්‍ය උපකාර ලබාදෙන්නත් ආයතන රැසක් බලාඉන්නව.  ඒ අයනම් ප්‍රචාරය කරන්නෙ, දෙව්ලොවත් නැති සැප මෙහේදි මිළට ගන්න අවස්ථාව සලසල තියෙනව කියල.

මෙවැනි දේ මිළට අරන් පරිභෝජනය කිරීමෙන් ලැබෙන සැපය කුමක්ද?

පළමුවෙන් කිවහැකිදෙය තමයි, ලැබෙන සුවය තාවකලිකයි කියල. වඩා වැදගත් දේ තමයි ඒ ලබන සුවය අනතුරු දායකයි කියන එක.

එක අවස්ථාවකදි අපේ බුදුරජාණන්වහන්සේ, මාගන්දිය නම් බමුණු තුමෙකු හමුවෙන්නට වැඩමකලා. ඒ මාගන්දිය බමුණුතුමා පිළිගත් දර්ශණය උනේ,

බොහෝ රූප බලමින් විවිධ තැන් වල යමින් ඇස පිනවියයුතුයි,

මිහිරි වචන , මිහිරි ගීත අසමින් කණ පිනවියයුතුයි,

විවිධ ආහාර බුදිමින් දිව පිනවියයුතුයි,

විවිධ සුවඳ වර්ග වලින් සුවඳ විඳියයුතුයි,

විවිධ පහස විඳියයුතුයි, ඒ සඳහායි ජීවත් වියයුත්තේ කියන එක.

මේ අනුව වර්තමාණ වෙළඳ ලෝකයට වඩාත්ම ගැලපෙන්නේ බුදු දහම නොවෙයි, මේ කියන මාගන්දිය දහම. උදේට යුරෝපියන්, දවල්ට ඉන්දියන්, රෑට චයිනීස් රෙස්ටුරන්ට් වලින් එක එක විදිහෙ දේවල් කාල නයිට් ක්ලබ් වල එළිය වැටෙනතුරු විනෝද වෙන පිරිස් ඉන්නව. එවැනි ජීවිතයකට ආසාකරණ ඉතාම විශාල පිරිසක් තමන්ටත් අවස්ථාවක් එයිනෙ කියල ලොතරැයි එහෙම මිළට ගන්නව. මෙහෙම බැළුවහම රටේ බහුතරයකගෙ කැමැත්ත මාගන්දිය දහමට.

ඒ කියපු මාගන්දිය දහමට අනුව කෙනෙක් ලබන්නෙ සසල සුවය.සසල සුවය කිව්වෙ ඉන්ද්‍රිය උත්තේජනයෙන් ලබන සුවය.ඉන්ද්‍රිය උත්තේජනය රස විඳීම  බැඳිල තියෙන්නෙ ව්‍යාපාද නීවරණය සමග. එහෙම කියන්නෙ, උත්තේජනය නිසා ශරීර වේගය ඉහල යනනිසා. රස විඳීමේ කැමැත්ත නිසා කාම චන්ද නීවරණයත් වැඩෙනව. ඉතින් නිවනට නම් යන්න වෙන්නෙම නෑ. 

මිනිස් මොළය කියාත්මකව පවතින සෑම විටෙකම එයින් තරංග මාලාවන් නිකුත් වෙනුඇත. එය රැස් දහරක් මෙනි. ඉතාම සියුම් බැවින් පියවි ඇසට දර්ශණය නොවේ. මිනිසා නින්දේ පසුවන විට පවා මොළය ක්‍රියාත්මක වනු ඇත. එනම් රැස්මාලාව සක්‍රියව පවතිනු ඇත. මෙම රැස් මාලාවේ වර්ණය, වේගය සහ තීව්‍රතාවය මනසේ ක්‍රියාකාරිතවය හා සමගාමීවේ.

මෙම රැස් මාලාවෙහි සංඛ්‍යාතය මිනුම් කළ විද්‍යාඥයන් විසින් මනසේ කියාත්මක අවස්ථා 5ක් වෙන් වශයෙන් හඳුනාගෙන ඇත.  සංඛ්‍යාතය මනින ලද ඒකකය “හර්ට්ස්” වන අතර ආසන්න වශයෙන් ගත් කළ,

ඩෙල්ටා අවස්ථාව, හර්ට්ස් 0.5 සිට 5 දක්වා, ගැඹුරු නින්ද අවස්ථාව.

තීටා අවස්ථාව, හර්ට්ස් 5 සිට  9 දක්වා, නොගැඹුරු නින්ද, සිහින දැකීම, භාවනාව.

ඇල්ෆා අවස්ථාව, හර්ට්ස් 9 සිට 15 දක්වා, යහපත් මනස, පොත් කියවීම

බීටා අවස්ථාව, හර්ට්ස් 15 සිට 22 දක්වා, කලබල මනස

ගැමා අවස්ථාව, හර්ට්ස් 45ට වැඩි, සමථ ධ්‍යාන ලබා ප්‍රාතිහාර්යයය පෑම

මෙලෙස මොළයේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමේදී, බීටා අවස්ථාව යනු බහුතරය බහුලව භාවිතා කරණුලබන අවස්ථාව බව පෙනෙනු ඇත. හර්ට්ස් 15ට වැඩි සංඛ්‍යාතයකින් ක්‍රියාත්මක වෙමින්, ක්‍රීඩා කිරීම, තරඟ නැරඹීම, රිය පැදවීම, වාද විවාද කිරීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතය, දුරකථන භාවිතය, ඝෝෂාකාරී සංගීතය ශ්‍රවණය කිරීම, මත් කාරක භාවිතය, නිවසේ කටයුතු හා රැකියා කටයුතු කිරීම වැනි ක්‍රියා සමූහයකම යෙදෙනු ඇත. මෙවැනි හුරුවක් ලද පිරිස හට මනසේ සංඛ්‍යාතය පහල බසින අවස්ථාවලදී නිදිමත, කම්මැලිකම් දැනෙනු ඇත. එවිට ඔවුහු සංඛාතය ඉහල යනු පිනිස උත්තේජක කාරකයන් භාවිතා කරති. මනසේ සංඛාතය වැඩි මට්ටමක පවත්වා ගැනීමට උත්සුක වෙති. විවිධ විවිධ රස සොයා යති.

මෙම ක්‍රියා කලාපය තුලින් ගම්‍ය වනුයේ ඔවුහු මාගන්දිය දහම අනුගමනය කරණ බවකි.

මනසේ සංඛ්‍යාතය ඉහල අගයක පවත්වා ගැනීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිය පහල යනු ඇත. අධි රුධිර පීඩනය ඇතිවීමටද හේතු වියහැක.

මාගන්දිය බමුණුතුමා ජීවවූ සමයේදී භාරතයේ පැවතියේ සිත නිවන ශාස්ත්‍රීය සංගීත හා නර්තන කලාවකි. එවැනි කලාවන් පරිශීලනය කිරීම පවා බුදුපුතුන්ට අකැප බව ‘නච්ච ගීත, වාදිත,විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන’ ආදී වූ සිල් පදයෙන් අවධාරණය කෙරේ. මෙය ගිහි පින්වතුන්ට අදාල නොවූයේ එකල පැවති ශාස්ත්‍රීය කලාවන් මනස මඳ වශයෙන් හෝ සන්සුන් කල බැවිනි.

සංඛ්‍යාතය හර්ට්ස් 9ට වඩා අඩු වනවිට මිනිසුන් නින්දට පත්වන  අතර ‘රහත් ඵලය’ හමුවන්නේ හර්ට්ස් 5ට අඩු අවස්ථාවකදීය. භාවනාවට පත්ව සමාධිය ලැබූ  පින්වතෙකුට පවා මෙය කලනොහැකි වන්නේ මනසේ සංඛ්‍යාතය හර්ට්ස් 9 ට අඩුවූ විට නින්දට පත් වන  නිසාය. මේ පරාජය කිරීමට ඉතාම අපහසු “ථිනමිද්ධ” නීවරණයයි.

නිදිමත මොහොතේ වීර්යය වැඩීමනිසා   සංඛ්‍යාතය  මඳකින් ඉහලයයි. එවිට නිවන දුරස් වේ.

නිවන කැමති කෙනෙකු වේනම් පළමුව නිසල සුවයට කැමති වියයුතුය. එනම් මනසේ සංඛ්‍යාතය හර්ට්ස් 15ට අඩු අගයක් පවත්වා ගනිමින් ක්‍රමානුකූලව පහලට ගෙන ආ යුතුය. මෙසේ හුරු කිරීමෙන් ලැබෙන පළමු ප්‍රතිලාභය වන්නේ ප්‍රතිශක්තිය ඉහල යාමය. සුදු රුධිරාණු මට්ටම ඉහල යනුඇත. අධි රුධිරපීඩනය සමනය වේ. මනස සන්සුන් වීම නිස බුද්ධි මට්ටම ඉහල යනු ඇත.

ඔබ නිවන කැමති කෙනෙකු නම්, පළමුව ඔබ කැමති නිසල සුවය හඳුනා ගන්න. නිසල සුවය විඳින්න. නිසල සුවය තුළම ඉන්ද්‍රිය පිනවීමට බාධාවක් නැත. මිහිර විඳිමින්ම තවතව නිසල වීමට උනන්දු වන්න. මෙලෙස ඔබ භාවනාවට හුරු වෙනු ඇත.

නිසල වීමද මිහිරි අත්දැකීමකි. එම මිහිර ස්ථාවර මිහිරකි. අසීමිත මිහිරකි.