දෘෂ්ඨිය දුරු කිරීම

“දෘෂ්ඨිය” කියන්නෙ ‘සිත’ සකස් කරන්න උපකාර වන චෛතසික ධර්මයක්. බාහිරින් ඇසට ලැබෙන  ආලෝක සංඥා, කණට ලැබෙන ශබ්ද සංඥා, දිවට නාසයට දැනෙන රසායනික සංඥා ආදිය එකතු කරල වචනයකින් හඳුන්වන්නට පුළුවන් විදිහේ සම්මත සංඥාවක් බවට පත් කරන්නෙ දෘෂ්ඨි චෛතසිකය...

පින් පව් සහ කුසල් අකුසල්

නිතර ඇසෙන මේ වචන වලින් අදහස් වන්නේ එකම දෙයක්ද, නො එසේනම් විවිධ අර්ථ දෙන වචනද යන්න නිතර කතාබහට ලක් වන්නකි. පින සහ කුසලය එකම අර්ථයෙන් දක්වා ඇති අවස්ථාද ඇත. අප යෝජනා කර සිටින්නේ ‘පින් පව්’ සහ ‘කුසල්  අකුසල්’ අතර සැලකියයුතු වෙනස් කමක් ඇති...

අභි ධර්ම විස්තරය

විශ්වය තැනී ඇත්තේ ද්‍රව්‍ය (පදාර්ථය  ) සහ ක්‍රියා (චලන )වලිනි. අභිධර්මයට අනුව එය නාම සහ රූප ලෙස දක්වා ඇත.. නාම යනු ක්‍රියාවයි, රූප යනු පදාර්ථයයි. අභිධර්මයට අනුව  සක්‍රිය පදාර්ථය සහ නිශ්ක්‍රිය පදාර්ථය නමින් පදාර්ථයෙහි ආකාර දෙකක් පෙන්වා දී ඇත. භෞතික...

නිවන කෙබඳුද?

නිවන කෙබඳුද යන පැණයට, අපේ බුදුරජාණන්වහන්සේ පවා පෘථග්ජනයන් ඉදිරියේ පිළිතුරු වදාළේ නැත. සත්වයා නිවනට යන්නේද? නිවන යනු, හිමගිරි මුදුන, උත්තර ධ්‍රැවය, අභ්‍යවකාශය වැනි මිනිසාට යාහැකි තැනක් නොවේ. වෙනත් ආගමික මත අනුව මිනිසා දෙව්ලොව, බඹලොව යනු ඇත. එහෙත් නිවනට යාම යනු හුදු...

තයෝධම්ම සුත්‍රය

තයෝධම්ම සූත්‍ර දේශනාවෙදි  අපේ බුදුරජාණන්වහන්සේ කරුණු තුන බැගින් ගෙන දේශනාකොට වදාලේ මාර්ග ඵල අපේක්ෂකයා කටයුතු කලයුතු ආකාරයයි. පලමුව, ප්‍රමාදවීම, පවට බයනැතිකම සහ පවට ලැජ්ජා නැතිකම දුරුකලයුතුයි. ප්‍රමාදවීම යනු සසරෙහි ප්‍රමාද වීමයි, කාමයන්හි යළි යළි ඇලීමයි. පවට බය...

සෝවාන් ඵලය ලැබීමට

අපි අහල තියෙන්නෙ, අපේ අමාමෑණී තිලෝගුරු දසබල ධාරී සර්වඥ සම්මාසම්බුදු බුදුපියාණන්වහන්සේ ජීවමානව මෙලොව වැඩවාසය කරන කාලෙදි සදහම් අමාවැසි වස්සවනව කියල. ඉතින් එහෙම වෙලාවක අපේ බුදුරජාණන්වහන්සේගෙ මහා කරුණා ගුණෙන් පිරුණු සුමිහිරි හඬින් බණ අහන පිරිස අතරෙන් සිය ගණන්, දහස් ගණන්...